බෝම්බ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 200කට ආසන්නයි… 500ට වැඩි පිරිසකට තුවාල
- RSL
- April 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
රට පුරා ස්ථාන හයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව හිරු රූපවාහිනිය වාර්තා කලේය.
තුවාලකරුවන් 500 වැඩි පිරිසක් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
කොළඹ 65ක්, මීගමුව 91ක්, මඩකලපුව 27ක් රාගම 07ක් ලෙස මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ අතර දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිට ද පිපිරීමත් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
දෙහිවල සත්වෝද්‍යානය ඉදිරියේ පිහිටි හෝටලයක මෙම පිපිරීම සිදු ව ඇත. නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බවයි. දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.

