දෙවන වරට දිවුරුම් දුන් ඉන්දීය අගමැති මෝදි, ජනපතිට සහය දෙන්න ලංකාවට එන්න සැරසෙයි
- RSL
- June 1, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, Narenda Modi, Prime Minister Narenda Modi
- 0 Comments
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී නායකයින් දෙපළ අතර දෙරටටම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේ ඊයේ (30) දිනයේදීය.
සිය දෙවන ධුර කාලය වෙනුවෙන් පත් වු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 09 වනදා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර ලබන 09 වනදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටද සැළසුම් කර ඇති බවයි.

