IMF එකෙන් ලැබෙන්නේ විශාල ජනතා කැළඹීමක් විතරයි – වාසුදේව
- Editor
- September 4, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුවට බලාපොරොත්තු විය හැක්කේ විශාල ජනතා කැළඹීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර පවසනවා.
මීට පෙර මෙරටට ඉන්දියාවෙන් රුපියල් බිලියන 3ක ණය ලැබුනු බවද, එම ණය මේ වන විට භාවිතා කරද අවසන් බව ඔහු පෙන්වා දෙනවා.
ඊට සාපේක්ෂව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන්නේ කොන්දේසි පනවමින් බවද, එම කොන්දේසි බොහෝ දුශ්කර හෙයින් ඒ හරහා ආණ්ඩුවට ලැබෙනු ඇත්තේ විශාල ජනතා කැළඹීමක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

