IMF සාකච්ඡා සඳහා තවදුරටත් සහාය දක්වනවා

Spread the love

ශ්‍රී ලංකා – අමෙරිකා ව්‍යාපාර අතර තවදුරටත් සහයෝගීතාව දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.

මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා උපකාර ලැබෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය සඳහන් කරන්නේ. අමෙරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍යාධාර සැපයීම, ගොවීන්ට බීජ වර්ග, පොහොර ලබාදීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුහුණුව සැපයීම සහ අධ්‍යාපනික හුවමාරු වැනි වැඩසටහන් සඳහා සහාය දෙගුණ කිරීමට අමෙරිකාවට හැකියාව ඇති බවයි ඇය සඳහන් කළේ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සඳහාද තවදුරටත් සහාය දැක්විය හැකි බවයි ඇය නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related Posts