IMF ණය පහසුකම මේ වසර අග වන විට

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපේක්ෂිත ණය පහසුකම මේ වසරේ අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

බාහිර ණය හිමියන් සියල්ල ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සඳහා එකඟ වන්නේ නම් ඉදිරි මාස තුන හෝ හතර තුළ ණය ලබා ගත හැකි බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව තත්ත්වය කළමනාකරණය කළ හැකි බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related Posts