හෙට බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකියි – පොලිස්පති පූජිත හෙළිකරයි (වීඩියෝ)

Spread the love

රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් සිදු කරගෙන යන රහස් පරීක්ෂණවලට අගතියක් ඇති කරන බැවින් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ සම්බන්ධ රට තුළ ක්‍රියාත්මක වන අන්තවාදී මුස්ලිම් කන්ඩායම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) ඩීඅයිජී (නාලක සිල්වා) විසින් කරගෙන යන සියලු විමර්ශන කටයුතු අත්හිටුවන්නැයි රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පසුගිය අප්‍රේල් 8 වෙනිදා තමා වෙත ලිපියක් එවමින් ඉල්ලා සිටියේ යයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.

පොලිස්පති පූජිත ජයසුන්දර කියා සිටින්නේ 2018 ඔක්තෝම්බර් මුල සිට ජනාධිපතිවරයා ඔහුව ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් වලින් ඉවත් කරන ලද බවත් යලි කැඳවූයේ පාස්කු බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව බවයි. රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා නිලන්ත ජයවර්ධන ඍජුව දැනුවත් කරන්නේ ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා බවත් ආරක්ෂක කවුන්සිලයට තමා සහභාගී කර නොගැනීමත් සහ නිලන්ත ජයවර්ධන ඔහුට ලැබුණු තොරතුරු ගැන තමාව නිසි දැනුවත් නොකරන ලද බවත් පූජිත ජයසුන්දර සඳහන් කර තිබේ.

අප්‍රේල් මස 20 වෙනිදා සවස තමාට 21 වන දින බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකි බවට පවසමින් දුරකථන ඇමතුමක් ලැබුණු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.

සවස 6.30 ත් 8.00 ත් අතර කාලයේ දී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම දුරකථන ඇමතුම ලැබුණු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී “හෙට භයානකයි, කුමක් හෝ විය හැකියි” යනුවෙන් පමණක් එම දුරකථන පණිවුඩයෙන් තමාට පැවසු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

පසුව තමන් විසින් ඒ පිළිබඳව අදාළව උතුරු, නැගෙනහිර, දකුණු ආදී වශයෙන් පළාත්වල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී සියලු දෙනා දැනුවත් කරන ලෙස ප්‍රකාශ කළ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව තමන්ගේ දුරකථන සබඳතා ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවත් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රහාර සම්බන්ධයෙන් සියලු දෙනා තමා දැනුවත් කළ බව ද පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

RSL

Related Posts