ICC දූෂණ විරෝධී ඒකකය විමර්ශනයක් සඳහා ජයසූරියව කැඳවයි
- RSL
- October 9, 2017
- ක්‍රීඩා, විමර්ශන
- ICC, Sanath Jayasuriya, Sri Lanka Cricket, Sri Lanka Cricket Board, Sri Lanka Cricket Board Corruption
- 0 Comments
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
ජයසූරිය සිය නීතිඥවරයා සමඟ එම සංචාරයට ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශයක් හේතුවෙන් ජයසූරියට මෙසේ අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයෙන් කැඳවීමක් ලැබී ඇතැයි වාර්තා වුවද ප්‍රමෝද්‍ය පවසා සිටියේ තමාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය කටයුතු නොකරන බවට එහි ප්‍රධානියා තමා දැනුවත් කළ බවයි.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශනයක් කළ අතර එහිදී තිලංග සුමතිපාල, සනත් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, ඈෂ්ලි ද සිල්වා, මොහාන් ද සිල්වා යන අයගෙන් එම සාමාජිකයන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

