ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යන බව කියූ වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් අද(21) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජානාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය.
වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත.
මෙය ආරංචි වීමත් සමඟ පසුගියදා පාර්ලිමේන්තුව ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් සංදර්ශනයක් දමා පෙන්වූ වසන්ත සේනානායකට නොකඩවා දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගෙන ඇත.
ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෙකුගෙන් පැමිණි දුරකථන ඇමතුමෙන් අසා ඇත්තෙ; “ඔයාලා අපි රනිල්ව අන්දවන එක හරි, ඒත් මේ වයසට මනුස්සයව ඇයි උඹලා මේ තරම්ම ගොනාට අන්දවන්නේ..” ඊට එකවරම අමාත්‍ය වසන්ත සේනානායකට සිනා ගොස් ඇති අතර, “ඔය යකා ඔතන ගෙවලයා වගේ ලැඟගෙන අපේ පක්ෂයයි, අපේ අනාගතයයි ඔක්කොම කනවානම් තව වෙන මොනවා කරන්නද..”යැයි පෙරලා ප්‍රශ්න කර ඇත. “හරි.. හරි.. ඔයා හරි.. ” යැයි පවසමින් එජාප ප්‍රබලයා දුරථකනය විසන්ධි කර ඇත.
කෙසේ වෙතත් අද(21) කැබිනට් හමුවට වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් පැමිණීමත් සමඟ ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුන් සිනා මුසු මුහුණින් උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර රජයේ එක් ප්‍රබල ඇමතිවරයෙක් පවසා ඇත්තේ, “මේ වෙලාවේ රනිල් මුණේ ලයිව් එකක් ගන්න තිබුණා නම් මරු” කියාය.