තරු පන්තියේ හෝටල් හැර අන් සියළු සුරාසැල් 25 සහ 26 වසාදැමීමට තිරණයක්..!

Spread the love

එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

ඒ, අසිරිමත් නත්තල් දිනය එදිනට යෙදී ඇති බැවිනි.

එසේ වුවත්, සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මේ අතර 2023 දෙසැම්බර් මස 26 වන අඟහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ද දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට නියෝග කර තිබේ.

එම නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත් වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මේ බව පැවසීය

Related Posts