ආණ්ඩුවේ කල් මැරීම හමුවේ ඉතිහාස ගත වැඩවර්ජනයක් අතලඟ..

Spread the love

සයිටම් ප්‍රශ්නය සඳහා ආණ්ඩුව පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකොට කල් මැරීම හමුවේ වෛද්‍යවරු ඉතිහාස ගත අතිදැවැන්ත වැඩවර්ජනයක් සඳහා යොමුවීමේ සූදානමක් පවතී. ඉදිරි දින කිහිපය තුළ හෝ බලධාරීන් ජනතාවාදී අවසන් විසඳුමක් ලබා නොදුන්නොත් මෑත ඉතිහාසයේ සිදු නොවූ ආකාරයේ වෛද්‍ය වැඩවර්ජනයක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් හරිත අලුගේ මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව එළඹෙන 21 වනදා ඒකාබද්ධ දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක වන බවත්, බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියා මාර්ග එයට ඍජුව බලපාන බව ද ඒ මහතා පැවසීය.

මෙතෙක් ප්‍රමාදව පැවති සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහතිකය මේ වන විට නිකුත් වී ඇති බවත් එය බ්‍රිතාන්‍ය කවුන්සලය මඟින් සයිටම් වෛද්‍ය පීඨය අසාදු ලේඛන ගත කර ඇති බවත් අලුත්ගේ මහතා චෝදනා කරයි. ඒ අනුව සයිටම් රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද නීත්‍යානුකූල නොවන බවට තහවුරු වී ඇති බව ද හරිත අලුත්ගේ මහතා පවසයි.

පසුගිය 12 වන දා සිට ආරම්භ කරන ලද දිස්ත්‍රික් මට්ටමේ එක්දින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයන් ආරම්භ වුයේ මෙවැනි පසුබිමක බවත් හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

RSL

Related Posts