හිරුණිකා වැඩේ ගොඩින් බේරගන්න හදයි

Spread the love

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම සහ ඊට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් වරද පිළිගෙන එය කෙටියෙන් අවසන් කර ගැනීමේ සූදානමක් පවතින බව ඇයගේ නීතිඥවරයා ඊයේ (08) කොළඹ මහාධිකරණය හමුවේ දැන්වීය.

මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව මෙම නඩුවට අදාළව වරද පිළිගෙන එය කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට සූදානම් වන අතර ඒ පිළිබඳව ඇයගේ නීතිඥවරු නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුවේ විභාගය දෙසැම්බර් මස 11දා දක්වා කල් දැමුණු අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විත්තියේ නීතිඥවරයාට නියෝග කළේය.

2016 වසරේ දෙසැම්බර් මස 21දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයා පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම සහ ඊට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ ආධාරකරුවන් 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි. එහෙත් මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිටුවූ සිර දඬුවම් හා දඩ මුදල් අධිකරණය විසින් නියම කරන ලදී.

RSL

Related Posts