අධිවේගයේ යන ගමන් කියවන්න අවස්ථාවක්
- RSL
- January 27, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- High Way Bus Service
- 0 Comments
දක්ෂණ අධිවේගී මාර්ගයේ මහරගම සිට මාතර දක්වා ධාවනය කෙරෙන බස්රථවල ගමන් ගන්නා මගීන්ට කියැවීමේ රුචිය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පුස්තකාල සේවා මණ්ඩලය එක්ව අරඹයි.
මේ වැඩපිළිවෙළ පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 10 ට මහරගම ශ්‍රී ලංගම බස් නැවතුම්පළේ දී ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි මහතා පැවැසීය.
මේ වැඩපිළිවෙළ ප්‍රථමයෙන් බස්රථ 15කින් ආරම්භ කෙරෙන අතර, මගීන්ට කියවීම සඳහා එම බස්රථවල ආසනවල පොත බැගින් තබන බව චන්ද්‍රසිරි මහතා පැවැසීය. පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු උසස් නිලධාරීන්ද ලංගම නිලධාරීන්ද මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

