පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි
- RSL
- December 4, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, President Maithripala Sirisena, Ranil Wickeramasinghe, Sajith Premadasa, UNF, UNP
- 0 Comments
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය.
එම නිසා යළි රනිල් අගමැති වේයැ’යි කියා බිය නොවී, සැක හැර කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමා හමුවී ඇසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කොට තිබේ.
මෙම සාකච්චාව ඉතා කෙටි වේලාවක් පැවැත්වී ඇති අතර අද දිනයේ අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වීමේ නියෝගය ගැන ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කර නැත. මහින්ද රාජපක්‍ෂ ඊට එරෙහිව අභියාචනා ගොනු කරන බැවින් එහි තීන්දුව දෙසද බලන්නට සිදු වන බවද ඔහු පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයාගේ මෙම අභීත තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැරුනු කොට බහුතරයක් යටින් සිය අද්වීතිය ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළකර තිබේ.

