ආණ්ඩුව මූල්‍ය අපරාධකරුවන් රකිමින් “මැජික්“ පෙන්වනවාද?

Spread the love

Ranil-and-maithriවත්මන් රජය මුල්‍ය අපරාධකරුවන් රකිමින් ජනතාවට මැජික් පෙන්වමින් සිටින බව දූෂන විරෝධී පෙරමුණ චෝදනා කරයි. එහි උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) රාජගිරියේදී සිවිල් ක්‍රියාකිරිකයින් සඳහා පැවති වැඩමුළුවකදී මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ වනවිට දුෂණ විරෝධී පෙරමුණ විසින් කළ පැමිණිලි ඇතුළත් විමර්ශණ අවසන් ලිපිගොනු 38 ක් නීතිපතිවරයාගේ ලාච්චුවේ සිරවී ඇති බවයි.මේවා ගල් වී ඇත්තේ කාගේ වුවමනාවට ද , කාගේ බලපෑමකටද යන්න ප්‍රශ්ණ කරන බව තෙන්නකෝන් මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා,

“පසුගියදා ලන්ඩන් නුවර පැවැති දූෂණ විරෝධි සමුළුව අමතමින් අපේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණය ගැන සඳහන් කරමින් හා ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග හා ඉදිරියට යෝජිත ක්‍රියාමාර්ග ගැන දේශණයක් කළා.

පුද්ගලයින් දෙදෙනෙකුට රියදුරු ලෙස ක්‍රියා කළ සරත් දිසානායක ප්‍රකාශ කළා රුපියල් කෝටි 50 ක චෙක්පත් මාරුකරදීම සම්බන්ධ පරීක්ෂණ යටගහන්න ලක්ෂ 25ක අල්ලසක් ලබාදීමට කටයුතු කළ බව.අල්ලස් විමර්ශන යටගහන්න ක්‍රියාකරන්නේ රජයේ පුද්ගලයින් එයට සම්බන්ධ බව දැනගත් පසුව ද කියලා අපි විමසනවා.

මේ රජය බලයට ගෙන ඒමට ජනතාවට දුන් පොරොන්දු අමතක කර ඔවුන් අද දූෂිතයින් ආරක්ෂා කරන්නට ක්‍රියාකරනවා.ජනතාවට දුන් පොරෙන්දු ඉටු කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියා කළ යුතුයි.ඔවුන් අද දූෂිතයින් තමන්ගේ දේශපාලන පිලට එක් කර ගැනීමට ඔවුන්ට එරෙහිව දූෂණ චෝදනා යට ගහන්න ක්‍රියාකරනවා.

හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවෙන් හමුදා නිලධාරීන් ඉවත් කළැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ කෝළහල කරනවා. එහෙත් මේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ගිය උගන්ඩා සංචාරයට හමුදා නිලධාරීන් ආරක්ෂකයින් ලෙස සහභාගි වුනා.UR50551 කියන හමුදා වාහනය ගුවන්තොටුපලට එම නිලධාරින් ප්‍රවාහනය කළා. මේජර් නෙවිල් වන්නිආරච්චි රාජකාරි ගමන් බලපත්‍ර භාවිත කරමින් මෙම උගන්ඩා සංචාරයට සහභාගි වෙනවා. උදිත ලොකුබණ්ඩාර ඔහුගේ හමුදා ආරක්ෂකයින් ගැන විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වනවා.එහෙත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හමුදාවට ආරක්ෂාව නෑ කියලා කලබල කරනවා.මේ නිසා බොහොම පැහැදිලියි මේවා දූෂිතයින්ට එරෙහිව පරීක්ෂණ යටගහන්න ඒකාබද්ධ විපක්ෂය ගොතන කතා.ඔවුන් හැම දූෂණ චෝදනාවකටම දේශපාලන පලිගැනීම් යැයි කියනවා.“

RSL

Related Posts