ගියවර ගෝඨාභිගමනය කළ ගෝඨාභය මෙදා පාර හොර පාරෙන් පැන දුවයි (වීඩියෝ)

Spread the love

මින් පෙර ඇමෙරිකාවේ සිට උත්සවශ්‍රීයෙන් “ගෝඨාභිගමනය” කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිංගප්පුරුවේ සිට මහ රාත්‍රීයේ පැමිණ මාධ්‍යයටවත් පෙනී නොසිට හොර රහසේ පැනගොස් ඇත.

සිංගප්පුරුවේදී හදවත් සැත්කමට භාජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව සදහන්ය.

මේ වන විට අයහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවන ගෝඨාභය රාජපක්ෂ මහතාට මාස 06ක් වත් අඩුම තරමින් අනිවාර්යෙන්ම විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර එසේ නොවුවහොත් ජීවිතය දැඩි අවදානම් තත්වයකට පත්විය හැකිබවටද අනතුරු අඟවා ඇත. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණයට කැඳවීමට දඟලමින් සිටින කොල්ලො කුරුට්ටන් රැලකගේ බලාපොරොත්තු සුන් වී ඇතැයිද වාර්තාවේ.

මේ අසනීප තත්වයෙන් පසුවන ගෝඨාභය මහතාගේ සුවදුක් බැලීමට දින දෙක තුනකට පෙර සිංගප්පුරුවට ගිය ඔහුගේ සමීපතමයෙකු වන ජෙනරාල් වීරාද සොයිසා මහතා සමඟ සිටින ජායාරූපයක් වන අතර මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඳී වැහැරී ගොස් සිටින අයුරු මෙයින් පෙනෙයි.

RSL

Related Posts