ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස බලල් අත රනිල්.. ජාතිවාදයේ පියා ඥාණසාරත් සහය දිලා

Spread the love

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

ජාතිවාදය පතුරුවමින් සිංහල -මුස්ලිම් ගැටුම්කාරි තත්ත්වයක් ඇතිකරමින් සිටින ගෝඨාභයගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස ඇති බලල් අත අගමැතිකම සහ පක්ෂ නායක කම රැක ගැනිම සදහා පිදුරු ගහේ පවා එල්ලිමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරනවා.

අම්පාර,තෙල්දෙණිය ගිනී තැබු ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව…. මේජර් චින්තක සහ මේජර් ජනරාල් සොයිසා කුමන්ත්‍රණයේ මෙහෙයුම් කරුවන්! යනුවෙන් අප ඊයේ ජාතිවාදී ගෝඨා රේජිමෙන්තුව අනාවරණය කිරිමත් සමග හත්පොලේ ගාගත් ගෝඨාගේ හෙංචයියන්ගේ තැන තැන කරන්නට ගිය ප්‍රකාශයන් හරහා ගෝඨාගේ කුමන්ත්‍රණය තව තවත් අවරණය වි ඇති අතර මේ වවිට සුපුරුදු පරිදු තමන් සුද්දවන්තයා යැයි කියමින් ගෝඨා නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

පක්ෂ නායක කම රැක ගැනිමට නොහැකිව කූජීව සිටින අගමැතිවරයා සිය අගමැතිකම සහ පක්ෂ නායකත්වය රැක ගැනිම සදහා රටේ ජනතවගේ මතය වෙනත් මගකට යොමුකිරිම සදහා

අගමැතිකම රැක ගන්න ජාතිවාදයෙ පිහිට පතයි….

අම්පාර සිදුවිම ගෝඨාගේ රෙජිමෙන්තුව හරහා ක්‍රියාත්මක වු සැනින් ඒ හරහා තමන්ගේ අගමැති කම මෙන්ම තමන්ට එරෙහිව පක්ෂයෙන් මතුව තිබේන නායකත්ව අර්බුදයට විසදුම් සේවිම සදහා අගමැතිවරයා කටයුතු කල අතර ඒ සදහා ඇති හොදම ව්සදුම රටේ ජාතිවාදී ගැටුමක් ඇතිකර ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනිම දන්නා රනිල් මේ වනවිට ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව හරහා සටන දියත් කර ඒ වටා තවත් ජාතිවාදි රූකඩයන් කිහිපයක්ම එල්ලිමට කටයුතු කරමින් සිටි.

රටේ ජාතිවාදයේ පිං පියා ලෙස හැදින්වෙන,ගෝඨාගේ සංඝ ජාතිවාදි හමුදාවේ ප්‍රධානියෙකු වන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිද මෙම මෙහෙයුම පසුපස සිටින අතර ඥාණසාරගේ න්‍යායාචාරවරයා ලෙස කටයුතු කරන ඩිලන්ත විතානගේ නැමැත්තා 2016 වසරේ සිට මහ බැංකු කොල්ලකරු රවිගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහු හරහ ඥාණසාර නටවමින් සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

රනිල් ගලවා ගැනිමේ ඩිල් එක පසුපස මෙම කණ්ඩායම් ඇති බවට තහවුරු වන ආසන්නතම සිදුවිම නම් අම්පාර සිද්ධිය සිදුවු වහාම දිගන රිය අනතුර සහ පහරදිම සම්බන්ධයෙන් වු තොරතුරුද් සහිතව ඩිලන්ත රනිල්ව හමුවිම වන අතර නීතිය දෙකට තුනට නමන පොලිස්පතිවරයාද එම හමුවට එක්ව තිබිමයි.

අම්පාර සිදුවිම අහබු සිදුවිමක් ලෙස ආරම්භ වුවද තෙල්දෙණිය සිදුවිම අම්පාර සිදුවිම හේතු කරගමින් සිය දේශපාලන පැවැත්ම සදහා භාවිතා කිරිමට රනිල් කටයුතු කර තිබේ.

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් පැමිණ ඇති බවත් ඔහුන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු කොළඹ සිට එජාප නායකයාගේ සහ තවත් එජාප බලවතුන් කිහිප දෙනෙකුගේ හෙංචයියන් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්කිරීම පිටුපස චීවරධාරීන් කිහිපදෙනෙකු සිටින බවට බුද්ධි අංශ අනාවරණය කර තිබේන අතර ආරක්ෂක ප්‍රධානින්ට ලබාදුන් රහසිගත වාර්තාවක් හරහ පෙන්වා දි ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් සහ ඔහුන් සමග සමීප සබඳතාවයන් පවත්වන පිරිස් දිගන සිද්ධිය ගැටුමක් දක්වා ගෙන යැමට දායකත්වය ලබාදි ඇති බවයි.

ඒ සදහා viber,whatsapp වැනි සමාජ ජාලා සන්නිවේදන යොදාගෙන ඇති බවත් ඊට ආදාළ සාක්ෂි රැසක්ද එම වාර්තාව සමග ලබාදි තිබේ.

බලය වෙනුවෙන් ජාතිවාදය ඇවිලිමේ අපකීර්තිමත් ඉතිහාසය

රනිල් වික්‍රමසිංහ 1983 ජුලි කලබල අස්සේ බියගම ආසනයේ දමිල ජනතාවට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් මෙහෙයවු බවට චොදනා ඇති අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය රාජන් වුල්ෆ් මහතාද එම චොදනාවම රනිල්ට එරෙහිව සිදුකර තිබේ.ඒ අනුව තමන්ගෙ බලය පවත්වාගෙන යෑම සදහා විස්වාසභංගය මෙන්ම පක්ෂ නායකත්වයට එරෙහිව නැගි එන බලපෑම මේ හරහා වෙනත් මගකට යොමුකිරිමට කටයුතු කර තිබේ.

ආශ්‍රිත පුවත්: අම්පාර,තෙල්දෙණිය ගිනී තැබු ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව! මේජර් චින්තක සහ මේජර් ජනරාල් සොයිසා කුමන්ත්‍රණයේ මෙහෙයුම් කරුවන්!

උපුටනය: Lankaleaks.net

RSL

Related Posts