තමන් කෙසේ හෝ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් ප්‍රකාශ කර තිබේ. අල්ජසීරා රුපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡුාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ සැලසුම් සහගත මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගලා ගිය මිනිස් ලේ වියැලී ගන්නටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා තම ආගමනය නිල වශයෙන් රොයිටර් පුවත් සේවය හරහා දෙස් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කළ අතර එතැන් සිට හමුවන සෑම මාධ්‍යවේදියෙකුටම සහ අල්ලන සෑම මයික්රෆෝනයකටම එතුමා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ කෙසේ හෝ තමා මීලඟ ජනාධිපතිවරණයේ රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවයි.
එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එම තීරණය බොහෝ කලකට පෙර ගත් බවයි. එසේ නොමැති නම් තමන්ට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
2016 වසරේ සිට ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපතිවරණ ව්‍යාපාරයට අදාළ මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ සඳහා මේ වන විට සුදු කර ඇති කළු සල්ලි ප්‍රමාණයද අතිවිශාලය.