කන්න දුන් අත ගෝඨා හපා කයි! මහින්දට සහ බැසිල්ට එරෙහිව ගෝඨාගෙන් බර අවි ප්‍රහාර..! කොන්ත්‍රාත්තුව අබේතිස්ස හිමිට..!

Spread the love

හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලොවෙත්, ලොවි ගහෙත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සහයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නොතිබුණි නම් ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණය සිහිනයක්ම පමණක් වන පක්ෂ, විපක්ෂ සියල්ලන් දන්නා සත්‍යයයි. එහෙත් සියලු පාර්ශවයන්ගේ උර මතින් බලයට පැමිණි ජනපති ගෝඨා දැන් එම පක්ෂවල සහ සංවිධානවල බෙලි සිඳ දමමින් තමාගේම සහචරයින් පිරිසක් බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියක නියැලෙමින් සිටී.

වියත් මග හරහා මහින්ද පිලට කෙලින සැලසුම

සරලව ගත් කල ගෝඨා සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති පෙර පරිදි පියන් කෙනෙකු වන අතර ජනපති පරම බලධාරියා වෙයි. එමෙන්ම පහලොස්වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඇතිකල සුළු ජාතික දේශපාලන පක්ෂ වලට හිතකර වාතාවරණය අහෝසි වෙයි. 15 සංශෝධනය එවක මුස්ලිම් කොන්ග්‍රස් නායක අෂ්රොෆ් ගේ බලපෑම නිසා සිදු වූවකි. කරුණු එසේ හෙයින් ගෝඨාගේ ප්‍රොක්සිය නොහොත් විජේදාස ඉදිරිපත් කල යෝජනා මාකට් කිරීම අපහසු නැත. ගෝඨාගේ සියලු මාකටින් වැඩ කරන්නේ සහ ඊට අදාළ උපදෙස් ලබාදෙන්නේ මීලඟ මහමැතිවරණයෙන් ගෝඨා ලැයිස්තුවෙන් ගාලු පුරෙන් පාර්ලිමේන්තු පැමිණීමට වෙර දරන දෙරණේ දිලිත්ය. එමෙන්ම මහින්ද 19 අහෝසි කිරීමට එරෙහි වන්නේ ඇයි කියා තේරුම් ගැනීමද අපහසු නැත. ගෝඨාගේ ඉලක්කය ජය ගැනීමට පොහොට්‍ටුවෙන් උපරිම මන්ත්‍රීන් පිරිසක් පාර්ලීමේන්තුවට යා යුතු අතර ඔවුන් ගෝඨාවාදීන් විය යුතුය. කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන වියත්මග ක්‍රියාකාරීන් 100 දෙනෙකු ගෝඨා විසින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන්නේ යටකී අභියෝගය ජය ගැනීමටය.

ගෝඨාගේ ගෝනි සෙල්ලම් සහ මහින්දට සහ බැසිල්ට එරෙහි බර අවි

පසුගියදා “අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට” නමින් සංදේශයක් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් මහනායක හිමිවරු වෙත බාර දී තිබුනි. මෙම සංදේශය ‍රැගෙන ගියේ “අලුතින් හිතන අපි ” නමින් වූ සංවිධානයක් විසිනි. අඩුම තරමින් උසස්පෙල සමත්, දැක්මක් ඇති , චරිතවත් අළුත් 100 දෙනෙකු පාර්ලීමේන්තු යැවීම සිය අරමුණ බව ඔවුන් මාධ්‍යට ප්‍රකාශ කර තිබුනි. ඔවුන් ජනගත කරන නිර්ණායක අනුව ඊලග පාර්ලීමේන්තු මැතිවරණයේදී මහින්දගේ ගැන්සිය කපෝතිය. මහින්ද පිලෙන් උසස් පෙල සමත් , දූෂණ චෝදනා නැති චරිතවත් එකෙකු සෙවීම නොමළ ගෙයකින් අබ සෙවීමකි. ඒ අනුව මහින්ද පිලේ බොහෝ පිරිසක් ප්‍රතික්ෂේප වන අතර එම හිඩස පුරවන්නේ වියත්මග නියෝජනය කරමින් ගෝඨා ඉදිරිපත් කරන අළුත් මුහුණුය. ” අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට” ව්‍යාපෘතියේ ප්‍රධාන න්‍යායාචාරියා කමල් වලේබොඩය. ඔහු ගෝඨාගේ ගොට්ටෙකි. වනචර දශකයේ ආරක්ෂක ආමාත්‍යශය සංවිධානය කළ ‘සියපත්විල’ ව්‍යාපෘතියේ ප්‍රධාන කථිකයා මොහුය.

එසේම ගෝඨා වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මාධ්‍ය ප්‍රකාශකයා හෙවත් එළියේ රෙදි සෝදා වනන්නා මැදගොඩ අබේතිස්ස හිමිය.

RSL

Related Posts