ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් වංක ලෙස පරිහරණය කිරීම සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ චෝදනා පත්‍රය පෙළගස්සවා ඇති ආකාරය හා එකී නඩුව විභාග කිරීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඇති අධිකරණ බලය අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරනු ලැබ තිබු අභියාචනා පෙත්සම් දෙක විභාගයට ගැනීමට අවසර ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (11) ප්‍රතික්ෂේප කරන ලදී.
එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමට නීතිමය පදනමක් නොමැති බවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර එකගතාවයෙන් තීරණය කර ඇති බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා එකී පදනම මත එකී පෙත්සම් ප්‍රතික්ෂේප කරනා බවද දැන්වීය.
එම අභියාචනා සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එල්. ටී. බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සලකා බැලීම සිදු කෙරිණි.
ස්ථීර ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝග අභියෝගයට ලක්කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කර තිබූ අතර අභියාචනාධිකරණය විසින් එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීම අවසර ලබාදීම පසුගිය ජුනි 18 වැනිදා ප්‍රතික්ෂේප කර තිබිණි.