අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන බුහාර් මොහොමඩ් රාෆික් නමැති ව්‍යාපාරිකයාගේ කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි නිල කාමරයක් පරීක්ෂාවට ලක් කිරීමේදී රුපියල් ලක්ෂ 83ක මුදලක් සහ පවුම් 97ක රන් ආභරණ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම සැකකරු ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධකම් ඇති බවට ලද තොරතුරු මත කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් පසුගියදා (09) අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් කළ වැඩි දුර ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිල කාමරයේ මේස ලාච්චුවක මෙම මුදල් තිබෙන බව පවසා ඇත.
අනතුරුව පොලිසිය කළ විශේෂ සෝදිසියකදී අදාළ මුදල් සමග රන් ආභරණ තොගය සොයාගෙන ඇති අතර සැකකරුගේ දෙහිවල පිහිටි සුපිරි නිවසක් හා බැංකු ගිණුම් කීපයක් ද අනාවරණය කර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ස`දහන් කළේය.
මෙම මුදල් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා වෙනුවෙන් යෙදවීමට සූදානම් කර තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මෙම සැකකරු දෙහිවල පදිංචිව සිටි පුද්ගලයකු වන අතර මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.