ජපන් වැඩ්ඩ ඥානසාර හිමිට වරෙන්තු!

Spread the love

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කර තිබේ.

ජාතීන් අතර අසමගිය සහ වෛරස ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

කෙසේ නමුත් ඥානසාර හිමියන් මේ දිනවල ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ දූත පිරිසේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටීමට දැඩි උත්සහයක් ගන්නා අතර ඊට අදාළ ජායාරූප මේ දිනවල සමාජජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.