Full Story : 2022 අයවැයේ විශේෂතා

Spread the love

2022 වසරට නියමිය අයවැය ලේඛනය අද (11) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ මහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි.

මේ අතර රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාරයට වර්ධනය වී තිබෙන බවට ද මුදල් අමාත්‍ය පැවසීය. “සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල් ගලා ආවේ නෑ. සෘජු විදේශ ආයෝජන ප්‍රමාණවත් තරම් ලැබුණේ නෑ. විදේශ විනිමය ලැබීම් සීමා වුණා. අප රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වෙලා තිබෙනවා. මුළු ආදායමට සමාන ලෙස ණය වී තිබෙනවා. මහින්ද රජපක්ෂ රජය රට භාර දෙන විට ණය ප්‍රමාණය 7487ක්. අපිට රට භාරවන විට ලැබුණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13032ක්. අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ණය පොලි ලෙස ගෙවීමට සිදුව තිබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ මේවන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි මුදල් අමාත්‍යවරයා පැවසීය. මේ අතර රජය මුහුණ දී ඇති වත්මන් අභියෝග කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම, වංචනික ව්‍යාපාර මෙහෙයුම ඉන් කිහිපයක් වේ.

අයවැයෙන් වැඩිම මුදල වෙන්කර ඇත්තේ ණය ගෙවීම සඳහාය. මෙම රජය බාර ගන්නා විට රාජ්‍ය ණය රුපියල් බිලියන 13,032ක් බව ද මුදල් අමාත්‍යවරයා සදහන් කළේය. විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ යෝජනා අයවැය සැකසීමේදී සැලකිල්ලට ගත් බව ද අමාත්‍යවරයා පැවසීය

2022 අයවැය ලේඛනයේ වැදගත් උපුටා ගැනීම් සහ සමස්ත අයවැය ලේඛනය පහත පළ වේ.

  • බැඳුම්කර සිද්ධියේ දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා අයුරින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරයට .
  • අනතුරුවලට ලක්වන මෝටර් රථවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා
  • නිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරනවා. මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.
  • සිගරට් නිෂ්පාදන බද්ද වැඩිකරනවා . සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කරයි
  • එක් වරක් පමණක් අය කරන බදු රුපියල් මිලියන 2000 වඩා ආදායමක් ලබන පුද්ගලයන් හා සමාගම් මත 25% ක බද්දක්.
  • විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්
  • පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක්
  • කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක්
  • ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක්
  • වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක්
  • වතු නිවාස දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්සීයක්
  • සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තම ප්‍රදේශයේ සවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5 කින් වැඩි කීරීමට යෝජනාවක්
  • මාර්ග සංවර්ධන සඳහා දැනට වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන 20000 ක්
  • රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කරයි
  • රාජ්‍ය ආයතනවල දුරකථන වියදම් 25% කින් කපා හැරීමට පියවර
  • පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර  10 ක් දක්වා දීර්ඝ කරයි
  • සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික පුනර්ජනනීය ඇතිකර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරිමට යෝජනා
  • 2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ.
  • කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
  • වගා නොකළ ඉඩම් තරුණයින්ට හා කාන්තාවන්ට වගා කිරිමට ලබා දෙයි

Related Posts