කෝප් කමිටුවේ 05ක් අර්ජුන් ඇලෝසියස් සමඟ කළ රහස් සාකච්ඡා CIDය කොමිසමට හෙළිකරයි
- RSL
- November 16, 2017
- උණුසුම් පුවත්, විමර්ශන
- Arjun Aloysius, Bond scam, Bond Scammer
- 0 Comments
කෝප් කමිටුවේ සාමාජිකයින් 05 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වී තිබේ.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අද දින බැඳුම්කර කොමිසම හමුවුට කැඳව සිදුකළ සාක්ෂි විමසීමේදී මේ බව අනාවරණය වී ඇත.
ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් ඇතුළත් විශ්ලේෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම පුද්ගලයින් අතර සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන අය දුරකථන සංවාද පවත්වා ඇති බව අනාවරණය වී ඇත.
මීට සම්බන්ධ බහුතරය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන දයාසිරි ජයසේකර මහතා බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව වේදිකාවේ හඬ නැඟු අයෙකි.
-ලංකා ටෲත්-

