ස්වේච්ඡා සේවයට කැප වුණු තාරුණ්‍යයට ඉතිහාසයේ පළමු වරට සුවිශේෂි වරප්‍රසාද රැසක් (වීඩියෝ)
- RSL
- August 7, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Eranda Welianga
- 0 Comments
රටේ පොදු සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී නිහඬ මෙහෙයක් ඉටුකරනු ලබන ස්වේච්ඡා සේවයට කැපවුණු තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව යටතේ සුවිශේෂී වරප්‍රසාද රැසක් ලබාදීමේ ව්‍යාපෘතියක් ඊයේ (06) ආරම්භ කෙරුනා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ස්වෙච්ඡා සේවයට සම්බන්ධව වැඩ කටයුතු කළ තරුණ තරුණියන්ගේ අනාගතයට ශක්තියක් ලබා දීම වෙනුවෙන් කිසිඳු ව්‍යාපෘතියක් හෝ ඇගයීමේ ක්‍රියාවලියක් සිදුනොවුණු අතර ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් නිතීඥ එරන්ද වැලිඅංග මහතාගේ සංකල්පයක් මත මෙම ව්‍යාපෘතිය අද හඳුන්වාදීම සිදු වුණි.
විශේෂයෙන්ම තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මගින් ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවයට බැඳී වැඩ කටයුතු කරන තරුණ , තරුණියන් හට සුවිශේෂි වරප්‍රසාද රැසක් ලැබෙන අතර පාසැල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවීමේදී ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය තුළින් ළකුණු ලැබෙන ක්‍රමයක් මේ තුළින් සකස් කෙරෙන බවයි වාර්තා වන්නේ. ඉන්පසු රාජ්‍ය සේවයේ රැකියාවන් සඳහා යොමු වීමේදීද, ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවයට බැඳී වැඩ කටයුතු කිරීමේදී ලද දක්ෂතාවයට ළකුණු ලැබෙන ක්‍රමයක් සකස් කෙරේ.

