ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි
- Editor
- June 19, 2024
- ආර්ථික සහ ව්‍යාපාරික
- Economy
- 0 Comments
මුදල් විශුද්ධිකරණය, අල්ලස් හෝ දූෂණ සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා ද, මූල්‍ය බුද්ධි ඒකකය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය ද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මෙම අවස්ථාවේ මුලසුන හෙබවීය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. ඒ. එම්. එන්. දවුලගල මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

