ගල උඩ සටන ඇරඹෙයි!

Spread the love

mahinda new 3

මෙතෙක් දිනයක් හැංගි හැංගි බැඳි වෙස් මුහුණු ගලවාගෙන අලුත් පක්ෂය හදාගන්නට මහින්ද රාජපක්ෂ නඩය කටයුතු සූදානම් කරගෙන ඇත. රීඩ් ශ්‍රී ලංකා ප්‍රාදේශීය පුවත් වාර්තා කරන අන්දමට අලුතෙන් හදන පක්ෂයට දැනටමත් රට පුරා කුඩා රැස්වීම් පැවැත්වෙමින් යයි. සිනහවට කරුණ නම්, කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවේ යැයි කියන්නාක් මෙන් මහින්ද නඩය පක්ෂ කාර්යාලය විවෘත කළ දා නැටූ නාඩගමයි. මිථ්‍යා විශ්වාස ආදිය සියල්ල එලෙසම පවත්වාගෙන යෑම එහි දී කැපී පෙනුණි.

ජනපතිවරයා ප්‍රකාශ කළේ, තමන් බලයට පත් වූයේ රට පාවාදෙන්නට නොව ගොඩනගන්නට බව යි. කොටින් ම ඔහු කියා සිටියේ රාජපක්ෂලා පවා බේරාගත්තේ තමන් බවයි. එහි සත්‍යයක් ඇත. ජාත්‍යන්තරය කෙරෙහි ඔහුගේ නම්‍යශීලී පිළිවෙත නිසා ජාත්‍යන්තරය නැවතත් මෙරට යාන්ත්‍රණයන් කෙරෙහි තැබූ විශ්වාසය යුධ අපරාධ කෙරෙහි වන විදෙස් යාන්ත්‍රණ නවතාලූ බව සැක නැති. අනෙක් අතට ඒ නිසාවෙන් මහින්දලාට විදුලි පුටු සටන් පාඨය විසි කරන්නට සිදු වූ බව ද සත්‍යයකි.

කෙසේ වෙතත්, දැන් මෛත්‍රී, මහින්ද ගල උඩ සටන ඇරඹී ඇත. බොහෝ අය කියන්නේ මෛත්‍රී ක්‍රියාමාර්ග ගන්නට ප්‍රමාද වූ බව ය. පක්ෂ විනය කඩ කළ අය කෙරෙහි කිසිවක් නොකර සිටීම ඊට හේතු ලෙස ඔවුන් කියයි. ඔවුන්ට අනුව තත්වය වඩාත් දරුණු වූයේ ඒ නිසා ය.

12 වැනිදා රැස්වූ ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව, පක්ෂය දුර්වල කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නට තීරණය කර ඇතැයි වාර්තා විය. ජනවාරි 08 වැනිදා මෙරට ජනතාව බහුතරයක් මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ අතර, එහි පණිවිඩයට අනුව ශ්‍රී.ල.නි.ප.ය අවැසි ක්‍රියාමාර්ග නියමිත වෙලාවට නොගැනීමේ පාපය දැන් භුක්ති විඳින්නට සිදු වී ඇත.

සේයාරුව – ෂෙහාන් ගුණසේකර ෆේස් බුක් පිටුවෙනි.

RSL

Related Posts