FIFA : ඊයේ දිනයේ තරඟ සාරාංශය

Spread the love

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (23) පැවති තරඟ 04 න් ජයග්‍රහණ ලබා ගැනීමට ජපානය, ස්පාඤ්ඤය හා බෙල්ජියම සමත්වූ අතර අනෙක් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

F කාණ්ඩය නියෝජනය කරන මොරොක්කෝ කණ්ඩායම හා ක්‍රෝඒෂියා කණ්ඩායම අතර පැවති තරඟයේදී නියමිත කාලය තුළ දෙපිලම ගෝල වාර්තා කිරීමට අසමත්වීම හේතුවෙන් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

E කාණ්ඩය නියෝජනය කරන ජර්මනි කණ්ඩායම හා ජපාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට ජපාන කණ්ඩායම සමත් වූ අතර ජපාන කණ්ඩායම වෙනුවෙන් Ritsu DOAN හා Takuma Asano 83 හා 90 යන මිනිත්තුවලදී ගෝල වාර්තා කළා.

එසේම E කාණ්ඩය නියෝජනය කරන ස්පාඤ්ඤය කණ්ඩායම හා කොස්ටාරිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 7-0 ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Dani OLMO, Marco ASENSIO, Ferran TORRES, Ferran TORRES, GAVI,Carlos SOLER, Alvaro MORATA ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර F කාණ්ඩය නියෝජනය කරන බෙල්ජියම කණ්ඩායම හා කැනඩා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට බෙල්ජියම කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Michy BATSHUAYI එම ගෝලය වාර්තා කළා.

Related Posts