ජාවාරම්කරුවන් සමඟ ඩීල්දමා කෝටිගණන් අල්ලස් ගත් FCIDලොක්කා ධුරයෙන් නෙරපයි; වෛද්‍යලංකාර ගැන විශේෂ පරීක්ෂණයක්!
- RSL
- February 28, 2019
- උණුසුම් පුවත්, විමර්ශන
- FCID, Ravi Waidyalankara
- 0 Comments
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් අසීමිත ධනයක් සහ දේපළක් උපයා ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කි‍්‍රයාත්මක කර තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවැසීය.
මෙම චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් ළඟදීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමටද නියමිතය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ මහා පරිමාණ මූල්‍ය වංචා කීපයකට අදාළ තොරතුරු සැකකරුවන්ට ලබාදී මුදල් දේපළ ඇතුළු විවිධ වටිනා දේ ලබාගැනීම සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වෙත චෝදනා එල්ලවී තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ පොලිස්පතිවරයා විසින් ලබාදුන් නියෝග මතය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර පසුගිය වසරේදී විශ‍්‍රාම ගිය අතර පසුව ඔහුට වසරක සේවා දිගුවක්ද ලබාදී ඇත.

