ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම ඇරඹෙයි; අවසන් ඡන්ද ප්‍රථිඵලය රාත්‍රී 10ට පෙර

Spread the love

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇත. අද(11) උදෑසන 7.00ට ආම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව පවතියි.

ඒ සඳා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි.

ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි. ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතු වනවා.

රාජකාරී කටයුතු සඳහා කාර්ය මණ්ඩලයේ 800 දෙනෙකු යොදවා ඇති අතර ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රථිඵලය අද(11) රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේය.

RSL

Related Posts