පළාත් සභා මැතිවරණය පවත්වන තුරු ජනාධිපතිවරණයක් නැහැ! – මැකෝ දැඩි ස්ථාවරයක

Spread the love

දීර්ඝ කාලයක් තිස්සේ කල් දමමින් ඇති පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයේ එක මොහොතක්වත් රැඳී සිටින්නේ නැති බවත්, තමා එලෙස වැරදි පාරෙන් නීතිවිරෝධී ලෙස මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

පළමුවෙන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අදහස බවත් එය ජනාධිපතිවරණයකට මසකට කලින් වුවද පැවැත්වීමට කොමිසමට හැකි බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රධාන දේශපාලඥයින් බොහෝ දෙනා පසුගිය වසරක දෙකක කාලයක සිට මේ වසර මැතිවරණ වසරක් ලෙස කියමින් පාක්ෂිකයින්ගේ සිත හදමින් තම දේශපාලන රැල්ල නඩත්තු කිරීමට සඳහා රට වටේ කියමින් ගියද ඔවුන්ද මේ වසරේ මැතිවරණයක් නොපැවැත්වෙන බව හොඳින්ම දන්නා සත්‍යයයි.

බොහෝ දුරට ලබන වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතී.

RSL

Related Posts