ජනපති මෛත්‍රී යළි ජනපති කිරීමෙන් මෙහා කිසිඳු අපේක්ෂකයෙක් නැහැ – දුමින්දත් කෙළින්ම කියයි(වීඩියෝ)
- RSL
- March 20, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Duminda Dissanayake, President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි ජනාධිපති කිරීමෙන් මෙහා කිසිඳු ඉලක්කයක් අපට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
කිසියම් හෝ හේතුවකින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කළහොත් පමණක් ඒ සඳහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහිදී මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර සිටියේය.
වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාද පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.
