සියලුම ඔෟෂධවල මිල 2020 වන විට අඩු කරනවා – ඇමති රාජිත

Spread the love

සියලුම ඔෟෂධවල මිල 2020 වන විට අඩු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

ඉදිරියේදී හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කිරීමටත්, පෞද්ගලික රෝහල් නියාමනය කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග 48ක මිල අඩු කිරීමෙන් පසු ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු අවම කිරීමට පියවර ගන්නා බවයි. ඔවුන්ගේ ලාභාංශ අඩු වීමට පිළියමක් ලෙස රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ ඔෟෂධ අලෙවි කරන ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර එහිදී 18%ක වෙළෙඳ වාසියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස තමන් ඔෟෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

RSL

Related Posts