ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන හා තුන්වන මනාපය පළ කරන්න අමතක කරන්න එපා..! එය තීරණාත්මකයි..!

Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන හා තුන්වන මනාපය තීරණාත්මක වනු ඇති බවත්, එම නිසා දෙවන හා තුන්වන මනාප පළ කිරීමට අමතක නොකරන ලෙසත් පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ(14) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන බවට ඒ දේශපාලන තීන්දුව ගන්නේ නම්, ඕනෑම අවස්ථාවක පුංචි සංශෝධනයකින් මැතිවරණය පැවැත් වීමේ හැකියාව ඇති බවද අධ්‍යක්ෂවරයා මෙහිදී පැවසීය.

මෙම පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම්, ජනාධිපතිවරණය සමඟ ඊට ආසන්න දිනයක දී මෙය පැවැත්විය යුතු බවත් පැවසු ඒ මහතා, මැතිවරණ කොමිෂන් සභාව විසින් අවම වශයෙන් රජයේ වියදම කෝටි 200ක් වළක්වා ගත හැකි යැයි ද කියා සිටියේය.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ දී යම් අපේක්ෂකයෙක් 50%ක් ලබා ගැනීම ගැන තුළ බරපතල ලෙස කල්පනා කල යුතු තත්ත්වයක් බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

1982 සිට 2015 දක්වා වු ජනාධිපතිවරණවලදී අවස්ථා 2කදී පමණක් 57% සහ 62%ක් ලබා ගත් බවත්, අනෙක් සෑම මැතිවරණයක දීම 52% පමණක් ජයග්‍රාහී අපෙක්ෂකයා ලබා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

2015 මැතිවරණයේ දී අපේක්ෂකයෝ 19ක් තරග කළ අතර, ඉන් 17 දෙනෙකුගේ එකතුව 134,000 වන බවත් එනිසා ප්‍රධාන ප්‍රවාහයට බලපෑමක් සිදු කිරීමට එම ඡන්දවලට නොහැකි වු බවද හෙට්ටිආච්චි මහතා කියා සිටියේය.

මේ වන ඇති දේශපාලන ප්‍රවණතාවය වන්නේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව, තවත් සෙසු අපේක්ෂකයින් කීපදෙනෙක් සමාජයට බලපෑම් කල හැකි තත්ත්වයේ කතිකාවතක සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඔවුන්ගේ එකතුව ලෙස ලක්ෂ5 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත හොත් නිසැකයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට දෙවැනි,තුන්වැනි මනාප ගණන් කිරීමට සිදු වන බව ද මෙහිදී රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ප්‍රශ්නය 1 – ඡන්ද පත්‍රිකාවේදී දෙවැනි ඡන්ද 2ත් සමාන වුණොත් මොකද වෙන්නේ?

මේ සම්බන්ධයෙන් නිල තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරනු ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙයට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

RSL

Related Posts