ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත්කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට
- RSL
- June 22, 2016
- විදේශීය
- Donald Trump
- 0 Comments
අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහ දැරූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු අත්අඩංගුවට පත් වී තිබේ.
ලාස් වේගාස් හි පැවැති රැලියක දී පොලිස් නිලධාරියකු ගේ ගිනි අවිය උදුරා ගෙන ඔහු ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සහ දැරූ බව වාර්තා වේ. ඒ අවස්ථාවේ රැලිය අවසන්ව ප්‍රම්ප් සමරු සටහන් තබමින් සිට ඇත.
20 හැවිරිදි මයිකල් ස්ටීවන් සැන්ඩ්ෆර්ඩ් නම් එම පුද්ගලයා නෙවාඩා විනිසුරු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 05 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.
අත්අඩංගුවට පත් තරුණයා පවසා ඇත්තේ මේ සඳහා වසරක් තිස්සේ තමන් බලා සිටිය බවයි. මේ අවස්ථාව ඒ සඳහා හොඳම අවස්ථාව ලෙස තමන්ට විශ්වාසය ඇති වූ බව ඔහු පවසා තිබේ.
-AFP-