ගංවතුරින් සහ නායයෑම් වලින් 91ක් මරුට, 110ක් අතුරුදන්; 53000ක් අවතැන්

Spread the love

පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග මතුව ඇති ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 91ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ තවත් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මීට අමතරව පුද්ගලයින් 53,000ට වැඩි පිරිසක් පීඩාවට පත්වී ඇති බව ද සඳහන්ය.

කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් තිබේ.දිස්ත්‍රික් ලේකම් යූ.ඩී. ජයලාල් ප්‍රකාශ කළේ තවත් 70කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි. මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජල ගැලීම් සහ නායයාම් තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 28 ක් වාර්තා වී ඇති බවයි.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 300කට වැඩි භට පිරිසක් එක් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසන ලදි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ සහන සේවා සදහා නාවික හමුදාවේ නිලධාරීන් 150කට වැඩි පිරිසක් ද එක් කර ඇති බවයි.

විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ද, අවශ්‍ය භට පිරිස් ස්ථාන ගත කිරිම සඳහා එම්.අයි. 17 යානා දෙකක් ද යොදවා ඇති බව ඔහු සඳහන් කලේය.

RSL

Related Posts