තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය වූ බුද්ධි අංශ සහ STF ක්‍රියාදාමය (වීඩියෝ)

Spread the love

තවමත් රටේ බුද්ධි අංශ සම්බන්ධීකරණ රැස්වීම් සඳහා සභාගීවිමට පොලිස් විශේෂ කාර්ය බලකායට ආරාධනා කර නැති බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සඳහන් කර සිටියේ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ඔහුට ආරධනා ලැබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලාබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතා මේ බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය පෙර අනතුරු ඇඟවීමේ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාගේ ලිපිය තමාටද ලැබී තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.

එම ලිපියේ තමාට ලැබී තිබුණේ එක් ඇමුණුමක් පමණක් බවත් එම ඇමුණුමේ සඳහන් කර තිබුණේ හඳුනාගත් හැකි ඉලක්ක ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ කොළඹ ප‍්‍රධාන පල්ලි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතා බව පැවසීය.

කෙසේ වෙතත්, මෙම අනතුරු ඇඟවීමේ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාගේ ලිපියේ වැඩි විස්තර සහිතව ඇමුණුම් වෙනත් ආයතන සතුව තිබූ බවත් එවැනි වෙනත් ඇමුණුම් ඇති බවට තාම ප්‍රහාරයෙන් පසුව දැනගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයට පෙර ඇතැම් වැදගත් බුද්ධි තොරතුරු පිළිබඳව තමා දැනුවත් කර නොතිබූ බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි. බුද්ධි අංශ ප්‍රධානියාගේ ලිපිය ලැබීමෙන් පසු ඔහු ඉඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට ඒ බව දැනුම් දුන් බවයි. විශේෂ කාර්යය බලකාය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාරව කටයුතු කළ හෙයින් එම පියවර ගත් බව ලතීෆ් මහතා කියා සිටියේය.

එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කොළඹ ප‍්‍රධාන පල්ලි ගැන කිසිවක් සිදු නොකළේ පොලිස් විශේෂ කාර්යය බළකායෙහි සහාය ඉල්ලා නොසිටීම නිසාවෙන් බව ඔහු සඳහන් කළේය.

එලෙස පොලිස් විශේෂ කාර්යය බළකායෙහි සහාය අවශ්‍යතාවයක් ඇති විට පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරු විසින් සහාය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළ යුතු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා වැඩිචදුරට පැවසීය.

RSL

Related Posts