“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය ධීවරයා හම්බන්තොට වරාය වෙත රැගෙන එයි
- Editor
- July 1, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින (ජුලි 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් 2024 ජුනි මස 30 වන දින මුදවා ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු (01) ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත්විය.
අසාද්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත 2024 ජුනි මස 30 වන දින සන්ද්‍යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ලබා ගත් අතර, එම ධීවරයා වෙත විජයබාහු නෞකාවේදී නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම මඟින් හදිසි ප්‍රතිකාර ලබා දෙමින්, අද දින උදෑසන (2024 ජුලි 01) මෙලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන විත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

