ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි (වීඩියෝ)
- RSL
- March 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Dayasiri Jayasekara, SLFP, SLPP
- 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පක්ෂයට දැවැන්තම හානිය සිදුවු යේ පසුගිය කාලයේ පොදු ජන පෙරමුණෙන් බව පැවසු ජයසේකර මහතා, දිනවීමේ කාර්ය මෙන්ම එයට හානි කිරීම ද මෙමඟින් සිදුවු බවයි.
ජිනීවා මානව හිමිකම් සැසිවාදයේ බ්‍රිතාන්‍ය හා සම සහභාගීත්වයක් ගනිමින් රජය සිදු කර ඇත්තේ විනාශයක් බව ද, දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමට කැපවුණ බව අපි විසින් පිළිගෙන ඇති බව ද පැවසීය.
ඇමෙරිකාව විසින් පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වු බවත්, අපට ද කළ යුතුව තිබුණේ එය බව ද , අපි තවත් වසර දෙකකින් ඒ හා සමඟ තිබු බැඳීම දික් කර ගත් බවත්, වසර 2කට පසුව අපේ හමුදා භටයින් එල්ලීමට සුදානම් විය යුතු බවත් කියා සිටියේය.

