ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑවා

Spread the love

මෙරට ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය සැමට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද(07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා පෙන්වා දුන්නේ, ඕනෑම කෙනෙකුට දේවස්ථාන ඉදිකිරීමට අවශ්‍ය වාතාවරණ සකස් වී තිබීම ගැටලු සහගත තත්ත්වයක් බවයි.

සැමට අනන්‍ය වූ ජාතියකට ශ්‍රි ලංකාව තුළ ජීවත් වීමේ අයිතිවාසිකම් ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා වෙනම සංස්කෘතීන් නිර්මාණය කිරීමේ අයිතිය සීමාවකට ලක්විය යුතු බව ද පැවසීය.

දේවස්ථාන ඉදිකිරීමේදී නීති ක්‍රියාත්මක වෙලා නොමැති බවත්, ඕන වෙලාවක දේවස්ථාන හදන්න පසුබිම සකසලා ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා, මුස්ලිම් ,හින්දු ,බෞද්ධ, කතෝලික, ලෙසට අමාත්‍යංශ වර්ග කර ඇති බව ද කියා සිටියේය. එවැනි අමාත්‍යාංශ සැකසීමේ ප්‍රතිඵලය මෙය බවත් පැවසු මන්ත්‍රිවරයා සියලු ආගම් එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බව ද සඳහන් කළේය.

ජාතීන් ලෙස හදාගත් මුස්ලිම් පක්ෂ සම්පූර්ණයෙන් ලංකාවෙන් තුරන් කළ යුතු බවත් ඉස්ලාම් අන්තවාදයට හේතුව මුස්ලිම් දේශපාලනඥයින් බව තමා විශ්වාස කරන බව ද කියා සිටියේය.

මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගත යුතු බවත්, සිංහල සහ ඉතිහාසය අනිවාර්ය කළ යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා නැත්නම් තවත් ගැටුමක් ඇති වීමට හේතු වන බවත් මද්‍රාසා පාසල්වලට යන අයට සිංහල බැරි තත්ත්වයක් ඇතිව තිබෙන බව ද පැවසීය.

RSL

Related Posts