Covid-19 Update: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්

Spread the love

ඊයේ (06) දින කොවිඩ්-19 ආසාදිතයින් 2976 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එදින (06) පස්වරු 22.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ආසාදිතයින් ද සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 198,654ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

මේ අතර ජූනි 06 වැනි දිනට අදාළව කොවිඩ් ආසාදිත මරණවල වාර්තාව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාව අනුව මැයි 17 වැනි දින සිට ජූනි 05 වැනි දින දක්වා කාලය තුළ කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් වන අතර කාන්තාවන් 23ක් සහ පිරිමින් 23ක් එසේ මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගිය 46 දෙනා අතරින් 13 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර 02ක් රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගොස් තිබෙනවා. මරණකරුවන් අතරින් 15 දෙනකු වසය අවුරුදු 70-79 කාණ්ඩයේ පසුවෙනවා.

Related Posts