වෛද්‍ය වර්ජනයට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණය ඉවත දමයි – වර්ජනය ස්ථිරයි
- RSL
- April 6, 2017
- පුවත් සහ වාර්තා
- GMOA, news, reports
- 0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් හෙට (07) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හෘද රෝගියකු යැයි පවසන පුද්ගලයෙකු විසින් අද (06) කොළඹ දිසා අධිකරණයට ගොනු කළ පෙත්සමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ නමුත් එම පෙත්සම සලකා බැලූ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන් 09 දෙනෙකුට ලබන මැයි 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.