තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවයි
- RSL
- June 1, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mohomad Shafi, Terrorist, Thawheed Jammath
- 0 Comments
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ.
අද පෙරවරුවේ සිට කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණි මව්වරුන් වෛද්‍ය ශාෆිට එරෙහිව විවිධ වර්ෂවලදී සිදුවූ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි කළේය.
ඒ අනුව අද දිනයේදී පමණක් රෝහලට ලැබුණු පැමිණිලි ගණන 46ක්. වෛද්‍ය ශාෆිට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 486 ක්.
මේ අතර වෛද්‍ය මොහොමඩ් ශාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුව සිය අතුරු වාර්තාව සකස් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සදහන් කළේ,අදාළ වාර්තාව ලබන සඳුදා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට භාර දෙන බවයි.
මේ අතර අද පෙරවරුවේ කුරුණෑගල ශික්ෂන රෝහල ඉදිරිපිට භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් නිහඬ විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ දැරුවද පොලිසීයේ මැදිහත්වීමෙන් එය අතහැර දැමුණි.
එමෙන්ම සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව දඹුල්ල මහ රෝහලට අද දිනයේදී මව්වරුන් 15 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළේය.
ඒ අනුව දඹුල්ල රෝහලට වෛද්‍ය ශාෆිට එරෙහිව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 57 ක් දක්වා ඉහළ ගොස් ඇත.

