මහාධිකරණයෙන් ජනපතිට හා අගමැතිට සිතාසි
- RSL
- July 17, 2017
- පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, news, President Maithripala Sirisena, Ranil Wickeramasinghe, reports
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ.
කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය අද(17) යළි කැඳවනු ලැබීය.
එහිදී පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති එවකට හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නම් තිබුණි.
ඒ අනුව මීට පෙර ඔවුන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණ ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කළේ රාජකාරි හේතු මත සාක්ෂිකරුවන්ට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.
ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක නානායක්කාර මහතා විසින් සාක්ෂිකරුවන්ට නැවත සිතාසි නිකුත් කිරීමට නියෝග කෙරුණි.
නඩු විභාගය දෙසැම්බර් මස 04 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.