මහින්ද CIDයට යනවද..? CIDය මහින්ද ලඟට එනවද..?
- RSL
- August 15, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- CID, Former President Mahinda Rajapaksa, Mahinda Rajapaksa
- 0 Comments
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 17 වනදා අදාල ප්‍රකාශය ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවට වාර්තාවේ.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුව යි.
මෙම සිද්ධියට අදාලව හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරිණි.
මීට අමතරව මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබිණි.

