ඇලෝෂියස්ගෙන් සහ පලිසේනගෙන් CIDය දිර්ඝ ප්‍රශ්න කිරීම් අරඹයි
- RSL
- February 13, 2018
- උණුසුම් පුවත්, විමර්ශන
- Arjun Aloysius, Kasun Paliyasena
- 0 Comments
මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(12) අවසර ලබා දුන්නාය.
ඒ අනුව හෙට 13, 14 සහ 15 යන දිනවල දී ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මේ නියෝගය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිතව යවන ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
බැඳුම්කර සිදුවීම සම්බන්ධයේ සිදු කරනු ලබන පරීක්ෂණවලට අවශ්‍ය වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෝසමක් ගොනු කරමින් රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය සිදු කළාය.

