මේ කට හැර මෙවැනි කටවල් ඇති තවත් පොරවල් සිටීද..?
- RSL
- February 24, 2017
- පුවත් සහ වාර්තා
- Chathura Senarathne, news, reports
- 0 Comments
මෑත ශ්‍රීලාංකීය දේශපාලනය තුළ නාමල් රාජපක්ෂගෙන් පසු දේශපාලනයේ ළදරුවකු (හුජ්ජ කොල්ලෙකු)ගේ පුරසාරම් කතා (පොර ටෝක්) දෙසා බෑමට පටන් ගත්තේ චතුර සේනාරත්නය. සියලු දේශපාලඥයින් පරයා තමා වැඩ කාරයා යැයි පැවසීමට චතුර තරම් කයිවාරු ගසන්නෙකු අප මේ මෑත දේශපාලන වේදිකා තුළ නොදැක්කේය.
චතුරගේ කයිවාරු ගැසිල්ලට අනුව 80 දශකයේ (ඔහු උපන් )සිට මේ දක්වා සිදු වූ සියලු සුවිශේෂී දේශපාලන භූමිකා සහ අවස්ථාවන් පිටුපස ඔහු සිටි බවයි. චතුරගේ මෙම වාචාල කථා සම්බන්ධයෙන් මේ වල විට සමාජජාල වල දක්නට ලැබෙන ප්‍රතිචාර ඔහුට කිසිදා අමතක නොවන පාඩමක් වුවත් ඔහු එසේ පාඩම් ඉගෙන ගන්නෙකු යැයි කිව නොහැකි. ඒ ඔහුතරම් පොරක් ලොවෙත් නැතැයි සිතන අමුතුම ෆැන්ටසියක ඔහු සිටිනා නිසාය.
මේ චතුර සේනාරත්න සම්බන්ධයෙන් ප්‍රමුඛතම දේශපාලන විශේෂක වැඩසටනක් වන “SLVlog” තැබූ සටහනකි.