චාමර.. ඇයි චාමර මේ?
- RSL
- March 12, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
ඌව පළාත් සභාවට අයත් ස්ථාවර මුදල් තැන්පතුවක් කල් පිරීමට ඉතා ආසන්නයේ තිබිය දී පළාත් මහඇමතිවරයා හිතුවක්කාරී ලෙස එය ආපසු ලබා ගැනීම නිසා පළාත් සභාවට ලැබිය යුතු ව තිබූ රුපියල් කෝටියකට වඩා වැඩි පොලි මුදලක් අහිමි ව ගොස් ඇත.
පළාත් සභාවේ සභාපති ඒ. එම්. බුද්ධදාස විසින් මේ මුදල් වෙනත් බැංකුවකට මාරු කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දී තිබිය දී මහඇමතිවරයා තම බලතල මතින් මේ තීන්දුව ගෙන ඇතැ යි වාර්තා වෙයි. චාමර සම්පත් දිසානායක මහ ඇමතිවරයා අදාළ රාජ්‍ය බැංකුව සමඟ ඇති කරගත් අමනාපයක් මත මේ තීන්දුව ගෙන ඇතැ යි වාර්තාවන අතර මහජන මුදල් මෙලෙස අත්තෝනමතික ලෙස අවභාවිත කිරීමට එරෙහි ව ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි ජනපතිවරයාගේ අවධානය යොමු විය යුතු ය.
