මසක් තුල මහ බැංකුවේ සංචිත ඩොලර් මිලියන 1404 කින් පහළට
- RSL
- October 9, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- American Dollar, Central Bank of Sri Lanka, Sri Lanka Economy
- 0 Comments
මාසයක කාල සීමාවක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,404.46 කින් පහළ ගොස් තිබේ.
2018 අගෝස්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති ජාත්‍යන්තර සංචිත හා විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 8,584.54 ක් ලෙසින් සටහන් වූ අතර එය 2018 සැප්තැම්බර් 28 දින වන විට ඩොලර් මිලියන 7,180.08 ක් දක්වා ඩොලර් මිලියන 1,404.46 කින් පහළ වැටී ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 7,747.18 සිට ඩොලර් මිලියන 6,351.15 ක් දක්වා අඩු වී තිබේ.
තවද මහ බැංකුවේ රන් සංචිතය ද ඩොලර් මිලියන 768.69 සිට ඩොලර් මිලියන 760.56 ක් දක්වා 2018 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 8.13 කින් පහළ ගොස් ඇත.
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ නිසි සැලැසුම් සහගත මූල්‍ය කළමනාකරණයක් නොමැති වීමේ හේතුව මත දිනපතා රුපියල බාල්දු වෙමින් යන අතර එය රැකගැනීම වෙනුවෙන් මහ බැංකුව විසින් ඉතිරිව තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණයන් වරින් වර මුදා හරිමින් සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ආශ්‍රිත පුවත්: බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා
ආශ්‍රිත පුවත්: මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ
බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!


