බැඳුම්කර කොල්ලයෙන් සිදු වූ පාඩුව නැවත අයගැනීමට නීතිපති උපදෙස්!
- RSL
- March 10, 2017
- පුවත් සහ වාර්තා
- Arjuna Mahendran, Bond scam, Bond Scammer, news, reports
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් රජයට කිසියම් පාඩුවක් සිදුවී ඇත්නම් එම පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි යැයි නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවා ඇති ලිපියෙහි සඳහන් වෙයි.
මේ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හා කෝප් කමිටු වාර්තාවට අදාළව විමර්ශන පවත්වන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දුන් බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම්දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපතිවරයාද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කර ඇති පැමිණිල්ල සමඟ කෝප් කමිටු වාර්තාවේ වැදගත් කරුණු උපයෝගී කර ගනිමින් අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.
මහ බැංකු ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව සිදුකළ පරීක්‍ෂණ වාර්තාව පිළිබඳ නීතිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග සහිත එම ලිපිය කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
කෝප් කමිටුවේ වාර්තාව, පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා වෙත යොමු කළ බවද ඒ අනුව නීතිපතිවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුව වෙත ලිපියක් එවා ඇති බවද කතානායක කරු ජයසූරිය පැවැසීය.