මාධ්‍යවේදීන්ට නැවත පහරදීමත්, එම ප්‍රහාරකයන් බේරී පලායාමත් රෙජිමයට එරෙහි චෝදනා පත්‍රයක් වෙයි – ආචාර්ය ජෙහාන් පෙරේරා

ආචාර්ය ජෙහාන් පෙරේරා විසිනි මෙම වසර අවසාන වන විට හදිසි නීතිය ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෑතකදී ප්‍රකාශ කළේය. පසුගිය දශක හතරෙන් වැඩිම කාලයක් මෙම රට පාලනය කොට ඇත්තේ හදිසි නීතිය යටතේය. එය ආරක්ෂක හමුදාවන්ට පුරවැසියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුවිශේෂ බලතල ලබා දෙන බැවින් කවර හෝ අන්තර් ක්‍රියාකාරීත්වයක දී ජනතාව අනාරක්ෂිත තත්වයකට පත් …

Continue Reading

එජාපයෙන් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිල්ලක්

එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත පැමිණිලි කරමින් කියා සිටින්නේ පළාත් පාලන මැතිවරණය නිදහස්‌ සහ සාධාරණව පැවැත්වීමට නම් ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ හා නායකයන්, ක්‍රියාකාරීන්, රාජ්‍ය සම්පත් පාවිච්චි කිරීම වහා නතර කළ යුතු බවත් ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති උපදෙස්‌ සියල්ල කඩ කරමින් ක්‍රියාකරමින් සිටින බවත්ය. තවදුරත් එ.ජා.ප.ය පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ පක්ෂ මෙලෙස නීති විරෝධී අයුරින් කටයුතු කිරීම නිදහස් …

Continue Reading

උන්ඩියල් ක්‍රමය කෝටි ගණන් මුදල් උපයන ජාවාරමක් හෙළි වේ

පොලිස් බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කරගෙන ඇති ආකාරයට ‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් කොළඹ හා රටපුරා ක්‍රියාත්මක වන බව වාර්තා වේ. පසුගිය කාලයේදී කොටි ත්‍රස්තවාදීන් ද මහා පරිමාණයෙන් මේ කළු සල්ලි ජාවාරමට සම්බන්ධ වී සිටි බවටත් තොරතුරු අනාවරණය වී ඇත. පසුගියදා කොළඹ වංචා විමර්ශන අංශය විසින් පිටකොටුුවේ කළු සල්ලි …

Continue Reading

ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ පියවර 10 ක් ඉදිරියට

ජගත් ආර්ථික ෆෝරමය විසින් නිකුත් කරනු ලබන 2011-2012 ලෝක තරක වාර්තාවට අනුව මෙතෙක් 62 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව පියවර 10 ක් ඉදිරියට තබමින් 52 වැනි ස්ථානයට පැමිණ සිටී. මේ නව ප්‍රවණතාව හේතු කොට ගෙන වසර 2015 එළැඹීමට මත්තෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකන් ඩොලර් 4000 ක ඒක පුද්ගල ආදායමක් ලබන රටක් බවට පත් වනු ඇති බවටත් විශ්වාසය පළ කැරේ. මීට …

Continue Reading

ඇමති පිල හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික පිලට පරදියි

දකුණේ සංචාරයකට නිරතවී සිටින පුනරුත්ථාපනය වන හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජික පිල හා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ පිල අතර මාතර සනත් ජයසුරිය ක‍්‍රිඩාංගනයේ දී ඊයේ (10 සැප්.) පැවැති සැහැල්ලු පන්දු සුහද ක‍්‍රිකට් තරගයෙන් ආගන්තුක කණ්ඩායම විකට් 9ක විශිෂ්ට ජයක් වාර්තා කෙළේය. ඇමැති පිලට හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා නායකත්වය ලබාදුන් අතර බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ද එම …

Continue Reading

ප්‍රෞඩ සිංහරාජය දෙකඩ වන ලකුණු

පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ ලෝක උරුම සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් කලවාන ඉළුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා යෝජිත මහා මාර්ගයේ කටයුතු ආරම්භ කර ඇත. පරිසරවේදීහු පෙන්වා දෙන්නේ තුන්සියයකට අධික සේවක පිරිසක්‌ එකවර සහභාගී කරවා ගනිමින් පසුගිය දා (09 සැප්.) පෙරවරුව වනවිට මෙම යෝජිත මාර්ගයේ කිලෝමීටර් තුනක දුරක්‌ බැකෝ යන්ත්‍ර යොදවා සකස්‌ කර ඇති බවයි. මෙම මාර්ගය ඉදිකළහොත් ජාතික උරුමයක්‌ හා ලෝක උරුමයක්‌ …

Continue Reading

එළවළු තොග මිල ගණන්වල තොරතුරු දුරකථනයෙන්

වෙළඳපොළ එළවළු තොග මිල ගණන්වල තොරතුරු දෛනිකව දැන ගැනීමට හැකිවන පරිදි විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදීමට ‍හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ලලිත් කාන්ත ජයසේකර පැවසුවේ, එතුළින් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද එදිනෙදා මිල ගණන් අනුව එළවළු මිලදී ගැනීමට සහ විකිණීමට අවස්ථාව සැලසෙන බවයි. පළමු අදියරේදී එළවළු වර්ග 23ක මිල ගණන් සැපයීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. …

Continue Reading

ජෙනරල්වරයාගේ සිර මැදිරිය ආසන්නයේ එල්.ටී.ටී. සැකකරුවන් නොතබන ලෙසට මහාධිකරණ නියෝගයක්

සුදුකොඩි සිද්ධියට අදාළ නඩුව දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.ටී.එම්.බී. වරාවැව සහ ඒ.ඉසෙඩ් රසීම් යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යලි කැඳ වූ අවස්ථාවේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට බන්ධනාගාරය තුළ දැඩි ආරක්ෂාව සපයන්නැයි, කොළඹ මහාධිකරණය ඊයේ (09 සැප්.) නියෝග කළේය. නියෝජ්‍ය සොලිසිටර් ‍ජෙනරාල් බුවනෙක අළුවිහාරේ සාක්ෂි විශ්ලේෂණයට අදාළ කරුණු දැක්වීමෙන් පසුව කළේය. සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා තම සේවා දායකයාගේ …

Continue Reading

උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක්

ඊයේ (09 සැප්.) මිනුවන්ගොඩ පැවති රැස්වීමකට සහභාගී වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක් පනත් කෙටුම්පතක් මගින් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනයට නීතිමය රාමුවක් ඇති කරන බවයි. එමෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාලඹේට අමතරව කොළඹ හා මහනුවර නව පෞද්ගලික පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමට ව්‍යාපෘති ඉදිරිපත්ව ඇති බවයි. උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික කමිටු රැස්වීම …

Continue Reading

මේ නැව ඇවිල්ලා තියෙන්නේ ගල් උඩින්ද – රෝහිත අබේගුණවර්ධන

හම්බන්තොට වරායේ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ පළමු අදියරේ කටයුතු 90%කින් අවසන් බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජල කෝෂයේ කටයුතු සියයට දශම හතරක් නිමවීමට ඇති බවයි.නියෝජ්‍ය අමාත්‍යවරයා වරායට පැමිණි අවස්ථාවේ සිංගප්පූරුවෙන් පැමිණි නෞකාවක්ද එහි නැංගුරම් ලා තිබුණු අතර අමාත්‍යාංශය පැවසුවේ, සේවා සැපයුම් සඳහා යොදා ගන්නා බෝට්ටු දෙකක් මෙම …

Continue Reading